The Man From Nowhere (2010)
මේකත් කොරියානු ක්‍රියාදාම හා අපරාධ පිළිබඳ නිර්මාණය වෙච්ච එකක්.මේක ගොඩක් ජනප්‍රිය වුන කොරියානු චිත්‍රපටියක්.මේක වෙනත් භෂා කිහිපයකටම හඬ කවා තියනව.මේකේ ගොඩක් ලස්සන කතාවක් යන්නේ.මෙකේ කොරියානු වගේම තායිවාන් නළුවන් රංගනයෙන් දායක වෙනව.තව දෙයක් කියන්න ඔනේ මේකේ පොඩි තැනක අපේ ලංකාවේ සහොදරයෙකුත් ඉන්නවා.මේක IMBb-7.9 වගේ ඉහල අගයක්ද අරන් තියනව.කතාව ගැන කිව්වොත් මේක පටන් ගන්නේ සො-මී කියල ලස්සක පොඩි ගැණු ළමයෙක් ඉන්නවා එයාගේ අම්ම විතරයි ඉන්නේ අවාසනාවකට වගේ අම්මත් මත්ද්‍රව්‍ය වලට ලෝල් වේච්ච කෙනෙක්.මේ අයගේ අසල්වැසි ගෙදරක් ඉන්නව ටිකක් අබිරහස් පුද්ගලයෙක් ඔහු ටිකක් සමාජයෙන් වෙන් වේලා ඉන්නේ එයා තමයි තේ-ශික් කියන්නේ මෙයා ටිකක් අමුතු වුනාට අර පොඩි ළමයට හරි කරුණාවන්තයි.කොහොම හරි අන්තිමට සො-මී ගේ අම්මගේ වැඩක් නිසා සො-මි ව මාෆියා කණ්ඩායමක් පැහැර ගන්නව.ඒ මාෆියා කණ්ඩායම ප්‍රධාන වශයෙන් වෙළඳාමි කරන්නේ මිනිස් අවයව.කොහොම හරි ඉතින් ඒ පොඩි ළමයව බේරගන්න තෙ-ශික් දරන උත්සාහය තමයි මේ චිත්‍රපටිය පුරාවට තියෙන්නේ.මේක කම්මැලි නැතිව බලන්න පුලුවන් මම එක වගකිමෙන් කියනවා.
මෙම සිංහල උපසිරසි zoom.lk අයිතිය සතු වේ.

No comments:
Post a Comment