දාමුද ලයික් එකක්

Monday, April 27, 2015

The Chaser (2008) Sinhala Subtitles

The Chaser (2008) 

මේක නිකුත් වෙලා තියෙන්නේ 2008 අවුරුද්දේ.මේක imdb 7.9 අගයක් අරන් තියනවා.මේක ක්‍රියාධාම හා අපරාධ සම්බන්ධව නිර්මාණය වෙච්ච එකක්.කතාව පැත්තට ගියොත් මේකේ ප්‍රධාන චරිතය ජූං-හෝ කියන කෙනා වටා තමයි මුලු කතාවම නිර්මාණය වෙලා තියෙන්නේ.මොහු කලින් පොලිස් පරික්ශක වරයෙක් විදියට සේවය කරත් වංචා සිද්ධයික් නිසා ඔහුට තමාගේ රැකියාව අහිමි වෙනවා.ඉන් පසු ඔහු ගණිකා තැරව්කරුවෙකු බවට පත්වෙනවා.මොහු මුදල් ප්‍රශ්නයකට මුහුණදි සිටින අවස්ථාවක මොහු ලඟ සේවය කරණ කාන්තාවන් කිහිප දෙනෙක්ම අතුරුදහන් වෙනවා. මොහු මුලින් සිතන්නේ එම කාන්තාවන් මුදල් රැගෙන පලා යන්නට ඇතයි කියා. නමුත් ඔහුට දැන ගන්නට ලැබෙනවා එ අතුරුදහන් වෙච්ච හැම කාන්තාවක්ම අතුරුදහන් වෙන්නේ එකම ගණුදෙනු කරුවෙක් සමග වැඩ කිරිමෙන් පසුව බව.ඉන් පසු මොහු එම පුද්ගලයා කොටු කරගැනිමට හා තම සේවිකාවන් බේරා ගනිමට දරණ උත්සහාය තමයි මේ කතාව පුරා තියෙන්නේ

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


මෙම සිංහල උපසිරසි zoom.lk අයිතිය සතු වේ.

No comments:

Post a Comment