දාමුද ලයික් එකක්

Monday, April 27, 2015

The Chaser (2008) Sinhala Subtitles

The Chaser (2008) 

මේක නිකුත් වෙලා තියෙන්නේ 2008 අවුරුද්දේ.මේක imdb 7.9 අගයක් අරන් තියනවා.මේක ක්‍රියාධාම හා අපරාධ සම්බන්ධව නිර්මාණය වෙච්ච එකක්.කතාව පැත්තට ගියොත් මේකේ ප්‍රධාන චරිතය ජූං-හෝ කියන කෙනා වටා තමයි මුලු කතාවම නිර්මාණය වෙලා තියෙන්නේ.මොහු කලින් පොලිස් පරික්ශක වරයෙක් විදියට සේවය කරත් වංචා සිද්ධයික් නිසා ඔහුට තමාගේ රැකියාව අහිමි වෙනවා.ඉන් පසු ඔහු ගණිකා තැරව්කරුවෙකු බවට පත්වෙනවා.මොහු මුදල් ප්‍රශ්නයකට මුහුණදි සිටින අවස්ථාවක මොහු ලඟ සේවය කරණ කාන්තාවන් කිහිප දෙනෙක්ම අතුරුදහන් වෙනවා. මොහු මුලින් සිතන්නේ එම කාන්තාවන් මුදල් රැගෙන පලා යන්නට ඇතයි කියා. නමුත් ඔහුට දැන ගන්නට ලැබෙනවා එ අතුරුදහන් වෙච්ච හැම කාන්තාවක්ම අතුරුදහන් වෙන්නේ එකම ගණුදෙනු කරුවෙක් සමග වැඩ කිරිමෙන් පසුව බව.ඉන් පසු මොහු එම පුද්ගලයා කොටු කරගැනිමට හා තම සේවිකාවන් බේරා ගනිමට දරණ උත්සහාය තමයි මේ කතාව පුරා තියෙන්නේ

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


මෙම සිංහල උපසිරසි zoom.lk අයිතිය සතු වේ.

The Man From Nowhere (2010) Sinhala Subtitles

The Man From Nowhere (2010) 

 මේකත් කොරියානු ක්‍රියාදාම හා අපරාධ පිළිබඳ නිර්මාණය වෙච්ච එකක්.මේක ගොඩක් ජනප්‍රිය වුන කොරියානු චිත්‍රපටියක්.මේක වෙනත් භෂා කිහිපයකටම හඬ කවා තියනව.මේකේ ගොඩක් ලස්සන කතාවක් යන්නේ.මෙකේ කොරියානු වගේම තායිවාන් නළුවන් රංගනයෙන් දායක වෙනව.තව දෙයක් කියන්න ඔනේ මේකේ පොඩි තැනක අපේ ලංකාවේ සහොදරයෙකුත් ඉන්නවා.මේක IMBb-7.9 වගේ ඉහල අගයක්ද අරන් තියනව.කතාව ගැන කිව්වොත් මේක පටන් ගන්නේ සො-මී කියල ලස්සක පොඩි ගැණු ළමයෙක් ඉන්නවා එයාගේ අම්ම විතරයි ඉන්නේ අවාසනාවකට වගේ අම්මත් මත්ද්‍රව්‍ය වලට ලෝල් වේච්ච කෙනෙක්.මේ අයගේ අසල්වැසි ගෙදරක් ඉන්නව ටිකක් අබිරහස් පුද්ගලයෙක් ඔහු ටිකක් සමාජයෙන් වෙන් වේලා ඉන්නේ එයා තමයි තේ-ශික් කියන්නේ මෙයා ටිකක් අමුතු වුනාට අර පොඩි ළමයට හරි කරුණාවන්තයි.කොහොම හරි අන්තිමට සො-මී ගේ අම්මගේ වැඩක් නිසා සො-මි ව මාෆියා කණ්ඩායමක් පැහැර ගන්නව.ඒ මාෆියා කණ්ඩායම ප්‍රධාන වශයෙන් වෙළඳාමි කරන්නේ මිනිස් අවයව.කොහොම හරි ඉතින් ඒ පොඩි ළමයව බේරගන්න තෙ-ශික් දරන උත්සාහය තමයි මේ චිත්‍රපටිය පුරාවට තියෙන්නේ.මේක කම්මැලි නැතිව බලන්න පුලුවන් මම එක වගකිමෙන් කියනවා.



මෙම සිංහල උපසිරසි zoom.lk අයිතිය සතු වේ.

Running Man (2013) Sinhala Subtitles

Running Man (2013)



මෙම චිත්‍රපට 2013 වසරේ තිරගත වු කොරියානු චිත්‍රපටයක් මේ චිතපටය ක්‍රියාදාම ගනයට අයත් වෙන්නෙ. ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ශින්  හා-කයොන් මොහු සාමාන්‍ය පුද්ගලයෙක් එත් මොහුට මුහුණ පාන්න වෙන එක්තරා සිදු විමක් එක්ක මොහු මුළු රටේම අවධානය දිනා ගත් අයෙක් බවට පත් වෙනවා. මොහු තම ජිවිතය මෙම අවුලෙන් ගලවා ගැනිමට ගන්න වෙහෙස මෙම කථා මාලාව පුරාවට අන්තර් ගත් වෙනවා.
මෙම චිත්‍රපටයේ සිංහල උපසිරස් ලබා ගැනිමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.




මෙම සිංහල උපසිරසි zoom.lk අයිතිය සතු වේ.
Mackerel Run
(මැකරල් රන්)

මේ කථා මාලව කොටස් 8න් සමත් වෙන කුඩා ගනයේ එකක්. මෙය විකාශය වෙලා තියෙන්නෙ 2007 වසසරේ කොරියානු SBS නාලිකොවේ. මෙක තමයි ජනප්‍රය කොරියානු නළුවෙක් වෙන ඊ මින්-හොගේ ප්‍රධානන චරිතයකට පණ පොවපු පළවෙනි කථා මාලාව. මේ කථාමාලව විකට ගණයට අයත් වෙනවා එ මෙන්ම පාසල් ජිවිතයේ ඇති සුනදරත්වය මනාව මෙම කථා මාලාව පුරාවටම බලා ගන්න පුලුවන් වෙනවා.

මෙම කථා මාලාවේ සිංහල උපසිරස් ලබා ගැනිමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.



Sunday, April 26, 2015

Gangnam 1970 (2015) (+18) Sinhala Subtitles

Gangnam 1970 (2015) (+18) 
මේ පාර ඔයාලට අරන් ආවේ මම ගොඩක් කාලයන් බලන් හිටපු සුපිරි ගණයේ කොරියාන් ක්‍රියාදාම චිත්‍රපටියක් ගංනම් බ්ලු (Gangnam Blues) වෙන විදියකට කියනවා නම් ගංනම් 1970(Gangnam 1970) මේ නම් දෙකෙන්ම මේ චිත්‍රපටය හඳුන්වනවා. මේ චිත්‍රපටියට අන්තර්ගත වෙන්නෙ 1970 කොරියාවේ සොල් නගරය හා ගංනම් සංවර්ධන ව්‍යාපෘතියක් මුලික කරගෙන දේශපාලන හා මැරකල්ලි විසින් සිදු කරන ක්‍රියාකාරකම් ගොන්නක්. මේ චිත්‍රපටයේ රඟපාන නළු නිළියන් ගැන කථා කරනවා නම් මුලින්ම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට තොරගෙන හිටියේ කොරියාවේ ජනප්‍රය නළුවෙක් වෙන Hyun-Bin (හියුන්-බින්) නමුත් අවසානයේ ප්‍රධාන චරිතයට පණ පෙව්වේ Lee Min-Ho(ඊ මින්-හො) මෙයා ලංකාවේ ගොඩක් අය දන්න නළුවෙක්. මිට අමතරව Kim Rae-Won(කිම් රේ-වොන්) වගේ කොරියානු ප්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙක් සහභාගි වෙලා තියනවා.මේ චිත්‍රපටය ගැන කථා කරනවා නම් මෙකේ ප්‍රධාන චරිතය කිම් ජොං-දේ(ඊ මින්හො) හා බෙක් යොං-කී කියන්නෙ අණාතයන් දෙන්නෙක් ඒ වූනාට මේ දෙන්නා සහොදරයන් වගේ. මේ දෙන්නා ජිවත් වෙන්නෙ කඩදාසි, බොතල් වගේ දෙවල් එකතු කරලා. එත් මේ දෙන්නාගේ අවාසනාවකට මේ දෙන්නට මැර කල්ලියක් එක්ක පැටලනේන වෙනවා. එහිදි ඒ කල්ලියේ නායකයා(කං ගිල්-සෝ) මේ දෙන්නව මේ අයගේ වැඩකට යොදා ගන්නවා එකෙදි බෙක් යොං-කි අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ කිම් ජොං-දේ එයාලේ අයියාව හොයාගෙන කං ගිල්-සො ගාවට යනවා. ඊට පස්සෙ එය කං ගිල්-සෝගේ පවුලේ කෙනෙක් වගේ ජිවත් වෙනවා. එත් කිම් ජොං-දේ මැරකල්ලි සාමජිකයෙක් වෙනවා ඊට පස්සෙ එයාගේ මැර ජිවිතයට මොනවද වෙන්නෙ. එයාගේ අයියට මොනවද වුනේ කියලා ඔයාලම බලලා තිරණය කරන්න. මේ චිත්‍රපටයේ හොඳ සටන් ජවණිකා ඇතුලත් වෙනවා එක නිසා කම්මැලි නැතිව බලන්න පුලුවන්. ඒ වගේම මේක 18+ කියලත් කියන්න ඔනේ ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙන එක හොඳයිනේ මෙකේ වැඩිහිටයන්ට පමණක් සුදුසු අවස්ථා කිහිපයක්ම තියන නිසා පොඩ්ඩක් කියන එක කොටත් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් ඔයාල මේක බලලා අදහසක් දෙන්නකො. ආයෙත් මේ වගේ නිර්මාණයකින් හමු වෙමු එතකම් zoom එකත් එක්ක ඉන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Vengeance of an Assassin (2014) Sinhala Subtitles

Vengeance of an Assassin (2014)
මම අද ඔයාලට අරන් ආවේ සුපිරි ගණයේ තායිලන්ත චිත්‍රපටියක් මේක නිකුත් වෙලා තියෙන්නෙ ගිය වසරේ. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ සුපිර් තායිලන්ත චිත්‍රපට අධ්‍යෂකවරයෙක් වෙන Panna Rittikrai විසින් මෙයාගේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක් තමයි Ong Bak කියන්නෙ මොකද එවයේ තියන සටන් ජවනිකා නිසා මෙම චිත්‍රපටි ගොඩක් ජනප්‍රිය වුනා මම අද අරන් ආව මේ චිත්‍රයටිය තමයි ඔහු විසින් අවසන් වරට අධ්‍යක්ෂනය කරපු චිත්‍රපටිය මොකද මේ වෙන කොට එයා ජිවිතයෙන් සමු අරන් ඉන්න නිසා. මෙ චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ගොඩක් හොඳ මට්ටමේ සටන් ජවනිකා විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනවා කොටින්ම කියනවා නම් සටන් ජවනිකා ඇරෙන්න වෙන මොකුත් නැති තරම්. මම මේක සිංහලට පරිවර්තනය කරේ සම්පුර්නයෙන්ම ඉංග්‍රිසි උපසිරිසි වල උදව්වෙන් මොකද මම මේ භාෂවේ මොනවත් දන්නෙ නැහැ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා එ තමයි සහොදරයන් දෙන්නෙක් හා එයාලව පොඩි කාලේ ඉඳලා ආදරයෙන් හදා ගන්න එයාලගේ මාම මේ දෙන්නාටම උපතින්ම වගෙ සටන් හැකියවා ලැබිලා තියනවා. මේ දෙන්නම තමන්ගෙ දෙමාපියන්ගෙ මරණය ගැන ගොඩක් හිතනවා මේ අතරින් වැඩිමල් සහොදරයා දන්නවා ඔහුගේ දෙමාපියන් යම් කෙනෙක් ඝාතනය කරලා දාල තියන බව. මෙයාට ඔනේ එ කව්ද කියලා දැන ගෙන එයාලගෙන් පළි ගන්න නමුත් මේ මෙයාට කිසිම දෙයක් එ ගැන දැනගන්න මෙයාලගේ මාම ඉඩතියන් නැහැ එ එයා මේ ළඹයින් දෙන්නගේ දෙමාපියන්ට වෙච්ච පොරන්දුවක් නිසා. නමුත් කොහොම හරි මේ වැඩිමහල් දරුවා මේ හෙතුව නිසාම වෙන්වෙලා යන්න යනවා ගිහින් ඔහු කුලි ඝාතකයෙක් වදියට ජිවත් වෙනවා. එත් දවසක් එයාල අමුතු වැඩක් ලැබෙනවා එ තමයි යම් කාන්තාවක් ආරක්ශා කරන්න කියලා මේ දේ කරන්න ගිහින් මෙයා ලොකු කල්ලියක් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා මෙකෙන් පස්සෙ මෙයාගේ වගේම හැම දෙනාගෙම ජිවිත වෙනනස් වෙනවා මොකද මෙයාගේ දෙමාපියන්ගෙ මරණයටත් මේ කල්ලියේ සම්බන්ධයක් තියන නිසා. මම මුළු කතාවම කිව්වද මන්දා ඔයාලම බලන්නකො මෙයා කොහොමද දෙමාපියන් මරපු එකේ පළිය ගන්නෙ කියලා. තවත් මේ වගේ හොඳ නිර්මාණයකින් හමු වෙමු. එතකන් zoom එකක් එක්ක ඉන්න. 



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
                                                                                                             



The Technicians (2014) Sinhala Subtitles

                                                        

The Technicians (2014)

ඔන්න මම අද අරන් ආවේ තවත් සුපිරි ගණයේ දකුණු කොරියානු ක්‍රියාධාම චිත්‍රපටයක්. මේක නිකුත් වෙලා තියෙන්නෙ 2014 දෙසැම්බර් 24 වෙනිදා. මේකේ ඉංග්‍රීසි නම The Con Artists හැබැයි මේකේ සත්‍ය නම The Technicians. මේක අධයක්ෂනය කරලා තියෙන්නෙ කිම් හොං-සුන් විසින්. මෙකේ දකුණු කොරියානු ප්‍රධාන පෙලේ නළුවන් කිහිප දෙනෙක් රංගනයෙන් දායක වෙනවා කිම් වෝන්-බින් ඔයාල මේයාව දන්නවා ඇති. අනිත් කෙනා ලී හියුන්-වෝ මෙයාවත් දන්නවා වෙන්න ඔන අනිත් කෙනා තමයි විකට නළුවෙක් වෙන කො චං-සොක් මේ අයට අමතරව ජො යූන්-හී, කිම් යොං-චුල්, ලිම් ජු-හ්වන් යන දකුණු කොරියානු නළු නළියන් මෙයට රංගනයෙන් දායක වෙනවා. මේක අයත් වෙන්නෙ Action / Crime / Crime Team / Heist යන ගණයන් වලට. චිත්‍රපටය ගැන කතා කරොත් මේ කතාව සිදුවෙන්නෙ එක අපරාධ කණ්ඩායමක් මුල් කරන් මෙයාලගේ ප්‍රධානියා තමයි ජි-හියුක් කියන්නෙ මෙයා තමයි මෙකේ ප්‍රධාන මොළකාරයා අනිත් කෙනා තමයි ජොං-බේ කියන්නෙ එයා හැකර් කෙනෙක් මෙයාට ඕනේම පරිගණක පද්ධතියක් හැක් කිරිමේ හැකියව තියනවා අනිත් කෙනා තමයි දක්ශ ඉංජිනේරු කූ-ඉන් එයා එක එක ගැජට් හදන කෙනෙක් බෝම්බ වගේ. ඉතින් මේ 3න් දෙනා මෙයාලගේ අන්තිම හොරකම කියලා හිතා ගෙන දියමන්ති වගයක් කොල්ල කනවා එත් එයාලව මේ දියමන්ති හිම් කරුවා විසින්ම අල්ල ගන්නවා හැබැයි පොලිසියට බාරදෙන්න නෙමේ. එයාල ලව්වා විශාල හොරකමක් කරවා ගැනිමට එ තමයි ඉන්චොන් රේගු බාරයේ තියන ඩොලර් මිලියන 150ක පමණ මුදලක් කොල්ලකන එක. මොයාලට මේක කරන්න වෙනවා මෙයාලගේ ජිවිත හා එයාලගේ ආදරය කරන අයගේ ජිවිත බේර ගන්න. මෙයාල කොහොම හරි මේක සැලසුම් කරනවා කන්න ඔයාලම බලන්න මේයාල කොහොමද මේක සාර්ථකව කරගන්නනේ කියලා. මේක හරිම ආසාවෙන් බලන්න පුලුවන් තත්වේ චිත්‍රපටියක් හොලිවුඩ් නිර්මාණයක් හා සමානවම මෙය හොඳ තත්වයේ තියනවා කියලා කියන්න පුලුවන්. එහෙනම් මේක බලලා අදහසක් තියලා යන්න. තව නිර්මාණයකින් හමු වෙමු. එතකන් zoom.lk එකත් එක්ක ඉන්න.